Posts

Blue Whale Game එකේ මාරාන්තික අභියෝග 50 සිංහලෙන් මෙන්න

Image
Blue whale challenge එහෙමත් නැති නම් නිල් තල්මස් අභියෝගය ගැන ෆේස්බුක් හරහා ප්‍රථම වතාවට අප ඔබව දැනුවත් කළා මතක ඇති.ක්‍රීඩාවකින් සැලසෙන මානසික සහනය වෙනුවට මාරාන්තික භාවයකට ක්‍රීඩකයන්ව පත් කරන මෙම නිල් තල්මස් අභියෝගය නිර්මාණය කරල තිබුණෙ 22 හැවිරිදි විශ්ව විද්‍යාලයකින් නෙරපනු ලැබූ අයෙකු වූ මනෝවිද්‍යා ශිෂ්‍යය පිලිප් බුදෙයිකින් විසින්. ඒ 2013 වර්ෂයේ දී. පලකට නැති ජීවිත මේ ලෝකයෙන් ඉවත් කරල සමාජය සුපිරිසිදු කිරීම තමයි තමුන්ගේ අරමුණ කියලයි බුදෙයිකින් කියල තිබුණෙ. මුලින්ම VK නම් සමාජ ජාලය ඔස්සේ ක්‍රියාත්මක වුණ මේ විනාශකාරී ක්‍රීඩාව අභියෝග 50 කින් සමන්විත වෙනවා.මේ සෑම අභියෝගයකින්ම සිද්ධ වෙන්නේ ඉතා සූක්ෂම ලෙස ක්‍රීඩකයාව තම අවනතයට ඇරගෙන මරණය වෙත ලගා කරවීම. පසුව මුල් කාලයේ කිසිම හේතුවක් නොමැතිව තරුණ තරුණියන් සියදිවි නසාගැනීම පිළිබදව පරීක්ෂණ කරද්දි ඒ අයගෙ අත්වල තල්මස් රූපයක් කොටාගෙන තිබෙනවා පරීක්ෂණ කණ්ඩායම් වලට දැක ගන්නට හැකියාව ලැබිල තියෙනව. ඊට පස්සෙ තමයි මේ මාරාන්තික ක්‍රීඩාව ගැන සමාජයට තොරතුරු ලැබෙන්නේ. වර්තමානය වන විට මෙය අපේ අසල්වැසි ඉන්දියාවත් බිලිගෙන හමාරයි. ඒ හේතුව නිසාම මේ සම්බන

මිනිස් මොළයට සුපිරි චිපයක් !

Image
හුදෙක් සිය සිතිවිලි පමණක්ම උපයෝගී කොට ගෙන අන්‍යයන් හා සන්නිවේදනයෙහි යෙදීමේ ශක්තියෙන් යුත් නව සුපිරි මිනිස් සංහතියක් දශක කිහිපයක කාලයක් ඇතුළත යථාර්ථයක් බවට පත්වනු ඇතැයි මොළය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය එරික් ලියුතාඩ් ප්‍රකාශ කරයි. දූරඥානයෙන් යුත් මේ සුපිරි මිනිසුන් ඔවුන්ගේ මස්තිෂ්ක ආරෝපිත උපයෝගි කර ගනිමින් සෙසු මිනිසුන් හා යන්ත්‍ර සූත්‍රද සමඟ තොරතුරු හුවමාරු කරගන්නවා ඇතැයිද ආචාර්ය ලියුතාඩ් සඳහන් කරයි. වොෂිංටන් විශ්වවිද්‍යාලයේ මෙම විශේෂඥ වෛද්‍යවරයා විශ්වාස කරන පරිදි මොළයෙහි ආරෝපිතයක් යොදා ගැනීම ස්විකාර්ය සැත්කමක් කර ගැනීම හෝ පච්චයක් කොටා ගැනීම වැනි පොදු කාර්යයක් බවට පත්වනු ඇත. මෙම සුපිරි මිනිසුන් බිහිවීම කාලය පිළිබඳවත් මිනිස් ඉතිහාසය තුළ අදාළ ද්‍රව්‍යමය වර්ධනය පිළිබඳවත් ප්‍රශ්නයක් පමණක් බවද සඳහන් කරන ආචාර්ය ලියුතාඩ්, එම කාලය වසර දහයක් හෝ සියයක් හෝ විය හැකි බවත් ප්‍රකාශ කරයි. විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වශයෙන් සිය සේවයෙහි යෙදෙන අතරම මෙම ආචාර්යවරයා අනාගත වෙනස්කම්වලට ජනතාව සූදානම් කිරීමේ අරමුණ ඇතිව නවකතා දෙකක් ප්‍රකාශයට පත් කොට නාට්‍යයක්ද ලිව්වේය. මිනිසුන්ගෙන් සියයට 90ක් දෙනකුගේ

ඔයත් වී.පී.එන් දාගෙන ෆේස්බුක් යනවාද?

Image
මේවනවිට අන්තර්ජාලය භාවිතාකරන බොහෝ දෙනෙක් කතාකරන්නේ VPN ගැන. හැබැයි මේක තෝරගන්නකොට එම සේවාව සපයන පුද්ගලයින් එහෙමත් නැත්නම් ආයතනය සමග අපි කොතරම් ආරක්ෂිතද කියලා බලන්න ඕන. මොකද අපි ඒක භාවිතා කරනකොට අපේ දත්ත වෙනත් පාර්ශවවලට පත්වීමේ වැඩි ඉඩකඩක් තියෙන නිසා. හැබැයි ඉතින් නොමිලේ දෙන හැමදෙයක්ම හැමවෙලෙම නොමිලේ වෙන්නේ නෑ. මොකද කියනවානම් ඔබගේ පෞද්ගලික දත්ත රහසිගතව වෙනත් පාර්ශවයන්ට ලැබෙනවා. මේ නිසා ඔබට එය හානියක් වෙන්න පුළුවන්. ඒවගේම අන්තර්ජාලය හරහා සිදුවන නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලටත් ඔබේ අනුදැනුමකින් තොරව ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවය භාවිතා කිරීමටත් ඉඩ ලබාදෙන්න මේ නොමිලේ ලැබෙන VPN එකකින් වෙන්න පුළුවන් කියලාත් දැනගෙන හිටියනම් හොඳයි.

අන්තර්ජාලයේ අඳුරු පැතිකඩ – ඩාර්ක් වෙබ්. ඔබ භීතියට පත්කරන කරුණු රැසක් මෙන්න

අන්තර්ජාලය යනු සිතාගැනීමට පවා අපහසු තරමට විශාල ස්ථානයක්. නමුත් අන්තර්ජාල පරිශීලකයින් අතරන් 90%කට ඒ පිළිබදව කිසිම අදහසක් නැත. අද අපි ඔබව දැනුවත් කරන්නේ ඔබ කිසිදා අසා නොතිබුණු අන්තර්ජාලයේ ගැඹුරුතම කොටස සහ අදුරුතම කොටස පිලිබදවයි. එය Deep Web හා Dark Web ලෙස හැදින්වෙනවා. Dark Web පිළිබදව ඔබ මෙතෙක් නොදැනසිටි කරුණු රාශියක් මෙම වීඩියෝව නැරඹීමෙන් ඔබට දැනගත හැකිය. ඔබ මවිතයට පත්වෙයි. නමුත් මෙය තමයි ඇත්ත.https://youtu.be/EKIKPODtjqY අන්තර්ජාලයේ අඳුරු පැතිකඩ - ඩාර්ක් වෙබ් - 5 Facts you don't know about dark web